පිටරට ඉඳලා ලංකාවට එනකොට තමන්ගේ Driving License එක ගැන ප්රශ්නයක් තිබුණද? එහෙනම් මේ තොරතුර ඔබට වැදගත් වෙන්න පුළුවන්!
අමාත්ය බිමල් රත්නායක ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේ, මෙරටින් නිකුත් කළ වලංගු රියදුරු බලපත්රයක් හිමි ශ්රී ලාංකිකයින්ට නැවත මව්බිමට පැමිණි විට එම බලපත්රය භාවිත කර නීත්යානුකූලව වාහන ධාවනය කළ හැකි බවයි.
ඒ විතරක් නෙවෙයි! විදේශ රටක රියදුරු බලපත්රයක් ලබාගැනීමේදී තමන්ගේ ශ්රී ලංකා බලපත්රය එම රටට භාර දී තිබුණත්, අදාළ ලේඛන ඉදිරිපත් කර මෙරට සාමාන්ය රියදුරු බලපත්රයක් ලබාගැනීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
තවද, ශ්රී ලංකාවේ රියදුරු බලපත්රය අස්ථානගත වී තිබෙන අයටත් අවශ්ය පැමිණිල්ල සහ ක්රියාපටිපාටිය අනුගමනය කර නව බලපත්රයක් ලබාගැනීමේ පහසුකම් ඇති බවයි ප්රකාශ කර ඇත්තේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
