උපදිනකොටම ලොකු උඩුරැවුලක් එක්ක ඉපදුණු බබෙක්? සමාජ මාධ්ය කැළඹූ වීඩියෝවේ ඇත්තම කතාව මෙන්න!
මේ දවස්වල සමාජ මාධ්ය ජාලාවල අතිශය වේගයෙන් සංසරණය වන අපූරු වීඩියෝවක් ඔබත් දකින්න ඇති. ඒ වෙන කිසිවක් නෙවෙයි, ඝනකම් කළු පාට උඩුරැවුලක් (Moustache) සහිතව උපත ලැබූ බිළිඳකුගේ දර්ශන පෙළක්.
මෙම වීඩියෝව දුටු බොහෝ දෙනෙක් පුදුමයට පත් වූ අතර, තවත් පිරිසක් මේ ගැන විවිධ රසබර කමෙන්ට්ස් එකතු කර තිබුණා. ඇතැම් පරිශීලකයින් විහිළුවට කියා තිබුණේ "මේ බබා උපදිනකොටම 9 ඉඳන් 5 වෙනකම් කරන රස්සාව එපා වෙලා වගෙයි ඉන්නේ" සහ "මෙයා ළමා කාලය මඟඇරලා කෙලින්ම ලොකු මිනිහෙක් වෙලා" යනුවෙනුයි.
වීඩියෝවේ ඇත්තම කතාව මොකක්ද?
මේ වීඩියෝව ලෝකයේම අවධානය දිනාගත්තත්, ජාත්යන්තර මාධ්ය වාර්තා (WION ඇතුළුව) පවසන පරිදි මෙය සම්පූර්ණයෙන්ම ව්යාජ (Digitally Manipulated) වීඩියෝවක්. තාක්ෂණික විශේෂඥයින් පවසන්නේ නවීන AI ෆිල්ටර් එකක් (AI Filter) හෝ වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක් භාවිතයෙන් බිළිඳාගේ මුහුණට මෙම උඩුරැවුල සකස් කර ඇති බවයි.
වෛද්ය විද්යාත්මකව මෙහෙම වෙන්න පුළුවන්ද?
වෛද්යවරුන් පවසන පරිදි, අලුත උපන් බිළිඳුන්ගේ සිරුරේ සහ මුහුණේ සියුම් රෝම ස්වභාවයක් (Lanugo) දැකගත හැකි වීම සාමාන්ය තත්ත්වයක්. නමුත් වීඩියෝවේ දැක්වෙන පරිදි වැඩිහිටි පිරිමියෙකුට සමාන ඝනකම්, තද කළු පැහැති උඩුරැවුලක් සහිතව දරුවකු උපත ලැබීම ප්රායෝගිකව සිදුවිය නොහැක්කක්.
එම නිසා, මේ දවස්වල හැමෝම හිනස්සන, හැමෝම ෂෙයාර් කරන මේ වීඩියෝව සැබෑ එකක් නොව, තාක්ෂණයේ උදව්වෙන් නිර්මාණය කරන ලද තවත් එක් උපක්රමයක් පමණක් බව දැන් තහවුරු වී තිබෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
