බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය ''අර්නාබ්'' නමැති ප්රබල සුළි කුණාටුවක් බවට පත්ව ඉන්දියාවේ වෙරළ තීරයට ඇතුළු වීමට ඉඩ ඇති බවට වාර්තා පළ වනවා.
වාර්තාවලට අනුව, එම සුළි කුණාටුව ඔක්තෝබර් 28 වැනිදා ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් සහ යානම් ප්රදේශ ආශ්රිත වෙරළ තීරයට බලපෑම් කරමින් ගමන් කිරීමට ඉඩ තිබෙනවා. බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්රදේශය ඔස්සේ එය වෙරළට ඇතුළු විය හැකි බවට ද සඳහන්.
මේ අතර, එම සුළි කුණාටුවේ වක්ර බලපෑම හේතුවෙන් ශ්රී ලංකාවේ නිරිතදිග සහ උතුරු පළාත්වල වැසි සහ සුළං තත්ත්වය ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරෙනවා.
ධීවරයින්ට සහ නාවිකයින්ට විශේෂ උපදෙස් !
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.
එබැවින්, ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, අදාළ නිල කාලගුණ නිවේදන අනුව කටයුතු කරන ලෙසත් ධීවර හා නාවික ප්රජාවට දැනුම් දෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
