ජනප්රිය රංගන ශිල්පී කළණ ගුණසේකරගේ විවාහ මංගල්යය පසුගිය දිනවල සමාජ මාධ්ය තුළ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් පුවතක් වුණා. ඔහුගේ ආදරණීය බිරිඳ වන රුචිනිටත් මෙම විවාහය වෙනුවෙන් කලා ක්ෂේත්රයේ පිරිස් ඇතුළු බොහෝ
දෙනෙකුගෙන් සුබ පැතුම් හිමිවුණා.
නමුත් මේ සුබ පැතුම් අතරේ රුචිනිගේ ශරීරයේ බර අඩු කරගන්නා ආකාරය ගැන දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ මඟින් උපදෙස් ලබා දුන් පිරිසකුත් සිටින බව ඇය හෙළි කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රුචිනි අවධාරණය කර ඇත්තේ, තමන්ට මේ මොහොතේ කෙට්ටු වීමේ කිසිදු අවශ්යතාවක් නොමැති බවයි.
බර අඩු කරගැනීම සඳහා සිදුකරන ශල්යකර්ම සහ එන්නත් ඇතුළු කෙටි ක්රමවල අහිතකර බලපෑම් පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, එවැනි ක්රම පිළිබඳව තමන්ට තවදුරටත් උපදෙස් අවශ්ය නොවන බවත් ඇය සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, කිසිදු කෙටි ක්රමයක් භාවිත නොකර මීට පෙර කිලෝග්රෑම් 47ක බරක් අඩු කරගත් තමන්ට අවශ්ය වුවහොත් බර අඩු කරගන්නා ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති බවත් ඇය පවසා තිබෙනවා.
රුචිනිගේ සටහනේ වඩාත් කැපී පෙනෙන පණිවිඩය වන්නේ තමන්ගේ ශරීරය ගැන තීරණ ගැනීමේ අයිතිය තමන් සතු බවයි. ඒ වගේම, තමන්ගේ බර පිළිබඳව අනවශ්ය ලෙස සිතමින් සිටින අනෙක් අයත් ඒ බරින් නිදහස් විය යුතු බව ඇය ඉතා අපූරු ආකාරයෙන් පෙන්වා දී තිබෙනවා.
ඇයගේ සටහනේ අවසාන වදන් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.
'' ඒ නැතත් මට කෙට්ටු වෙන්න අවශ්ය නෑ! මම ඉතා සතුටින් ඉන්න කෙනෙක්. මට කෙට්ටු වෙන්න මේ මොහොතේ අවශ්ය නෑ.''
ඇය තවදුරටත් පවසන්නේ,
“මගේ බර ඔබ ඔසවාගෙන යන එක නවත්තපු දවසට ඔබත් මම වගේම සැහැල්ලු වෙයි."
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
