දික්ඔය හොන්සි දෙමළ මහා විද්යාලයට ඇතුළු වූ කිසියම් පිරිසක් විසින් පාසල් ශාලාවක තිබූ කබඩ් කඩා, ඒවායේ තැන්පත් කර තිබූ සිසුන්ගේ වටිනා පොත්පත්, උප්පැන්න සහතික සහ ප්රශ්න පත්ර ඇතුළු ලියකියවිලි රැසකට ගිනි තබා විනාශ කිරීමේ පුවතක් වාර්තා වෙනවා....
ඊයේ (24) පස්වරු 3.00 ට පමණ මෙම බිහිසුණු සිදුවීම වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ....
එදින පස්වරුවේ ශාලාවෙන් හටගත් දුමාරයක් සහ ගින්නක් දුටු විදුහල්පතිවරයා වහාම ක්රියාත්මක වී ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇති අතර, එම කාලෝචිත ක්රියාව නිසා ගින්න පාසල් ගොඩනැගිල්ල පුරා පැතිරී යාම වළක්වා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.
කොහොම වුණත් මේ ක්රියාව හේතුවෙන් පාසල් දරුවන්ගේ අනාගතයට අත්යවශ්ය වන පොත්පත් සහ පාසලට අදාළ වැදගත් ලියකියවිලි විශාල ප්රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ...
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් වහාම නෝර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පාසලට පැන මෙම විනාශය සිදු කළ සැකකරුවන් කඩිනමින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා නෝර්වුඩ් පොලිසිය මේ වන විට විමර්ශන ක්රියාත්මක කරමින් පවතිනවා...
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
