මුහුදු වෙරළක සමාජ මාධ්ය වීඩියෝවක් පටිගත කරමින් සිටියදී, මුහුදු රළට හසුවූ කුඩා දියණියක් සම්බන්ධ සිදුවීමක් මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
ඉන්දියා ටුඩේ (India Today) වාර්තා කරන පරිදි, වෙරළට පැමිණෙන මුහුදු රළ ආසන්නයේ ගමන් කරමින් සිටි මව්පිය යුවළක් අතරින් මව කුඩා දියණියගේ දෑත් අල්ලාගෙන සිට ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, සුළු මොහොතකින් දියණිය මවගේ ග්රහණයෙන් මිදී වැලි මත ඇද වැටී ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.
එම අවස්ථාවේදී දරුවා මුහුදු රළට හසුවෙමින් සිටියදී, එහි සිටි වෙනත් පුද්ගලයෙකු මැදිහත් වී දරුවාට උපකාර කර ඇති බවද වාර්තා වනවා.
සිදුවීමට අදාළ වීඩියෝව X සමාජ මාධ්යයේ පැතිර යාමත් සමඟ, කුඩා දරුවන්ගේ ආරක්ෂාවට ප්රමුඛත්වය නොදී සමාජ මාධ්ය සඳහා වීඩියෝ පටිගත කිරීම සම්බන්ධයෙන් අදාළ මව්පියන්ට විවේචන එල්ල වී ඇති බව ඉන්දියා ටුඩේ වැඩිදුරටත් වාර්තා කරනවා.
දෙමාපියනි, මතක තබාගන්න!
දරුවන් සමඟ වෙරළට යන සෑම අවස්ථාවකදීම ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම අත්යවශ්යයි. මුහුදු රළ අනපේක්ෂිත ලෙස වෙනස් විය හැකි බැවින්, ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීමට වඩා දරුවන්ගේ ආරක්ෂාවට ප්රමුඛත්වය ලබා දෙමු.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
