මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ කලා ලෝකයේ කාගේත් ආදරය දිනාගත් සුන්දර යුවළක්. මේ දෙන්නාගේ පවුලට අලුතින් එක්වුණු පුංචි සාමාජිකයා නිසා මේ දවස්වල ඔවුන්ගේ නිවසේ සතුට තවත් වැඩි වෙලා.
තවමත් දින පහක් පමණක් වයසැති පුංචි පුතාත්, ඔහුගේ ආදරණීය අක්කලා දෙන්නාත් එකට සිටින හරිම සුන්දර ඡායාරූපයක් මේ වනවිට කාගේත් අවධානය දිනාගන්න සමත් වෙලා තිබෙනවා.
හැලොවීන් උත්සවයට ගැළපෙන විවිධ ඇඳුම්වලින් සැරසුණු අක්කලා දෙන්නා අතරේ වට්ටක්කා තේමාවට ගැළපෙන ඇඳුමකින් සැරසී සුව නින්දේ පසුවන පුංචි මල්ලිත් මේ ඡායාරූපයට එක් කරන්නේ අපූරු සුන්දරත්වයක්.
අක්කලා දෙන්නාගේ ආදරය මැද ඉන්න මේ පුංචි පැටියා දැක්කම කාටත් හිතෙන්නේ මේ පවුලේ සතුට කොතරම් සුන්දරද කියලයි.
පුංචි මල්ලිගේ පැමිණීමත් එක්ක අක්කලා දෙන්නාටත් අලුත්ම ආදරණීය අත්දැකීමක් ලැබිලා.
මේනක - නෙහාරාගේ පුංචි කැදැල්ලේ මේ සුන්දර ඡායාරූපයට සමාජ මාධ්ය ඔස්සේත් බොහෝ දෙනාගේ ආදරය හිමිවනු නොඅනුමානයි.





Tags:
Gossip
