රාජපක්ෂ පවුල වෙත තෙවැනි දරුවා ලෙස පිරිමි දරුවෙකු එක්වූ පුවත මහත් සතුටින් යුතුව මුහුණු පොතට සටහනක් එක්කොට තිබේ.
පුංචි සිගිත්තා නොහාහ් රාජපක්ෂ' ලෙස නම් කර ඇති මෙම පුංචි කැදැල්ලේ අලුත්ම සාමාජිකයා ඉකුත් ඔක්තෝබර් 26 වනදා උපත ලබා තිබේ.
පුංචි දරුවා උපත ලබන විට බර කිලෝග්රෑම් 4.239ක් සහ උස සෙන්ටිමීටර 50.17ක් වූ මෙම සිඟිත්තා, පවුලට ලැබුණු තවත් අසිරිමත් ආශීර්වාදයක් ලෙස සඳහන් කරන අතර මව්පියන් මෙන්ම මීලි (Meili) සහ නෝරි (Norie) යන සොහොයුරියන් දෙදෙනා ද සිය අලුත් මල් කැකුළ මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන ඇති බවට ඔවුන් ආදරයෙන් සඳහන් කරයි.
කෙසේ නමුත් බොහෝ දෙනෙක් නෙහාරා - මේනක පවුලට අලුතින් එකතුවෙන සිගිත්තා කවුද යනුවෙන් දැනගැනීමට ආසාවෙන් පසු වුණා.
ඉතින් දියණියන් දෙදෙනාට පසුව ආ පිරිමි දරුවා වෙනුවෙන් අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.
