ජනප්රිය රංගන ශිල්පිනී කවීර්ණා වන්නිආරච්චිගේ ජීවිතයේ තවත් සුන්දර දවසක් අදට යෙදී තිබෙනවා. ඒ ඇයගේ උපන්දිනයයි.
උපන්දිනය වෙනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් එක්කර තිබුණා.ජීවිතයේ ගෙවී යන හැම දවසක් සමඟම අලුත් අත්දැකීම් වැළඳ ගනිමින්, සුන්දර මතක එකතු කරගනිමින් තමන් ඉදිරියට යන බවයි ඇය එහි සඳහන් කර තිබුණේ.
ඒ වගේම කාලයකට පෙර පුංචි දැරියක්ව සිටි තමන් අද ටිකෙන් ටික වැඩිහිටි වියට පත්වෙමින් සිටින බවත් ඇය ආදරණීය හැඟීමකින් සිහිපත් කර තිබුණා.
තමන්ගේ උපන්දිනය කියන්නේ හැමදාමත් වසරේ තමන් වඩාත්ම ආදරය කරන දිනය බවත් කවීර්ණා සිය සටහනෙන් කියා තිබෙනවා.
ඇත්තටම කාලය ගෙවෙන්නේ හරිම ඉක්මනින්. පුංචි කාලයේ මතක අතරින් තවත් අලුත් වසරකට පා තබන මේ සුන්දර මොහොතේ කවීර්ණාට ආදරය කරන රසික රසිකාවියන්ගෙනුත් උණුසුම් සුබපැතුම් එක්වනු නොඅනුමානයි.
සුන්දර උපන්දිනයක් වේවා කවීර්ණා!
පහතින් දැක්වෙන්නේ, එම සටහන සහ රූපයයි..
'' Today is my day..
With each passing day, I’m moving forward in life, embracing new experiences and creating beautiful memories.
The tiniest little girl I used to be is slowly growing up, one step at a time.
My birthday has always been, and will always be, my favorite day of the year..
01.11.2026 .. ''




