නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
ඒ අනුව, නොවැම්බර් මාසය සඳහා ද දැනට පවතින ගෑස් මිල ගණන් ඒ ආකාරයෙන්ම වලංගු වනු ඇත. මෙම තීරණයත් සමඟ කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365ක මිලකට අලෙවි වන අතර, කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750කට සහ කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815ක මිලකට අලෙවි කෙරේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
