අමුතුම විදියේ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඒ, ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කෙරෙන ගවයෙකුගේ කිරි පානය කළ පුද්ගලයන් 450 දෙනෙකුට ජලභීතිකා එන්නත් ලබා දීමට සෞඛ්ය බලධාරීන්ට සිදුවීමේ පුවතක් නිසායි.
මෙම අමුතු සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ගොරක්පූර් දිස්ත්රික්කයේ 'දඩි ඛාස්' නම් ගම්මානයෙන්.
වාර්තා වෙන විදියට, සැක සහිත සුනඛ සපාකෑමකට ලක්වූ මෙම ගවයා මියයාමට පෙර අසාමාන්ය ලෙස හැසිරෙමින් බුරන්නට පටන් ගෙන තිබෙනවා....පසුව ගවයා මියගොස් ඇති අතර, ඊට දින කිහිපයකට පෙර සිටම ගවයාගේ කිරි වෙළෙඳසල් දෙකකට සහ නිවාස කිහිපයකට බෙදාහැර තිබීම නිසා මුළු ගමම දැඩි භීතියට පත්ව තිබෙනවා.
තත්ත්වය බරපතළ බව තේරුම් ගත් සෞඛ්ය අංශ වහාම ක්රියාත්මක වී එම ප්රදේශයේ විශේෂ එන්නත්කරණ කඳවුරක් පවත්වා තිබෙනවා. එහිදී පළමු දිනයේ 50 දෙනෙකුටත්, දෙවන දිනයේදී තවත් 400 දෙනෙකුටත් ලෙස පුද්ගලයන් 450 දෙනෙකුටම ජලභීතිකා එන්නත ලබා දීමට කටයුතු කර තිබෙනවා.
ගවයාගේ හිමිකරු පවසා ඇත්තේ මියයාමට දින දෙකකට පෙර සිට සත්වයා අසනීපයෙන් පසුවූ බවයි. පශු වෛද්යවරුන් පෙන්වා දෙන්නේ රෝග ලක්ෂණ අනුව ජලභීතිකාව බවට සැක කළ හැකි බවයි.
කිරි පානය කිරීමෙන්ම පමණක් ජලභීතිකාව පැතිරෙන බව තහවුරු වී නොමැති වුවද, ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස එන්නත් ලබා දී තිබෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
