රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ' නව පනත් කෙටුම්පත ගැන පසුගිය දවස් කිහිපය පුරාම සමාජ මාධ්යවල මෙන්ම ජනමාධ්ය තුළත් දැඩි කතාබහක් සහ නොසන්සුන්තාවක් නිර්මාණය වෙලා තිබුණා.
විශේෂයෙන්ම "දිගට කොණ්ඩේ වවාගෙන හිටියොත්, ඇඟේ ටැටූ (පච්ච) කොටාගෙන හිටියොත් අත්අඩංගුවට ගන්න මේ පනතින් ඉඩ තියෙනවා" කියමින් පැතිර ගිය ආරංචිය නිසා තරුණ පරපුර අතර ලොකු කලබලයක් ඇතිවුණා.
මෙන්න මේ උණුසුම් කතාව සම්බන්ධයෙන් කැබිනට් ප්රකාශක, අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී සෘජු සහ පැහැදිලි ප්රකාශයක් සිදුකළා.
එම කටකතා සියල්ල සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කළ අමාත්යවරයා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමාජ මාධ්ය ඔස්සේ මතු කර තිබූ කරුණු ගැනද මෙහිදී විශේෂ අවධානයක් යොමුකළා.
මෙම නව පනත් කෙටුම්පත සකස් කළේ ක්ෂේත්රයේ ප්රවීණ නීති විශාරදයන් මෙන්ම සාලිය පීරිස් මහතා යටතේ නීතිය හැදෑරූ සහ වැඩකළ පිරිස බව පෙන්වා දුන් අමාත්යවරයා, එවැනි බොළඳ විධිවිධාන නීති කෙටුම්පතකට ඇතුළත් කිරීමට තරම් ඔවුන් අනුවණ නොවන බව ඉතා දැඩිව අවධාරණය කළා.
"ප්රශ්නයක් තියෙනවා නම් උසාවි යන්න"
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේ, පනතක හුදකලා වගන්ති එකක් දෙකක් පමණක් ඇදගෙන සමස්ත පනතම වැරදි විදිහට විනිශ්චය නොකළ යුතු බවයි. යම් කිසි පාර්ශ්වයකට මේ සම්බන්ධයෙන් විරෝධයක් හෝ එකඟ විය නොහැකි තැනක් තිබේ නම්, මාධ්ය ඉදිරියේ මඩ ප්රහාර සහ විවාද පවත්වනවාට වඩා ශ්රේෂ්ඨාධිකරණය හමුවට ගොස් එය අභියෝගයට ලක් කිරීමට පූර්ණ ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇති බවද ඔහු සිහිපත් කළා.
පැරණි ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර, මානව හිමිකම් ආරක්ෂා කරමින් රාජ්යයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙම නව පනතේ එකම අරමුණ බවයි අමාත්ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේ.

✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න