🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා

 


ලබන සිකුරාදා වන විට තම ගැටලු විසඳා නොගතහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ටී.ජේ. රාජකරුණා මහතා සමඟ අද (2026 සැප්තැම්බර් 28) උදෑසන පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඉන්ධන බෙදා හැරීමේ ටැංකි රථ සඳහා අදාළ වන වත්මන් ඉන්ධන මිල සූත්‍රය සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිටීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමඟ මෙම සාකච්ඡාව පවත්වන ලදී.

එම හමුවේදී, මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා පස්වරුව වන විට විසඳුමක් ලබා දෙන බවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සහතික විය.

කෙසේ වෙතත්, සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වීමට තමන්ට සිදුවන බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හේතුවෙන් ටැංකි රථ නඩත්තුව සහ ඉන්ධන සම්බන්ධයෙන් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.