පුංචි වයසට ලොකු හීනයක්… සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වූ සයුල් පුතාගේ අපූරු දක්ෂතාව
ළමා කාලය කියන්නේ හීන පෝෂණය වන සුන්දරම කාලයයි. පුංචි හිත්වල තියෙන හීන කොතරම් විශාලද කියලා දකිද්දී අපේ හදවත්වලට දැනෙන්නේ ආදරයක් වගේම පුදුමයක්.
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් අපූරු වීඩියෝවක් දැකගන්න ලැබුණා. ඒ පුංචි සයුල් විද්වාන් ගමගේගේ දක්ෂතාවක් දැක්වෙන වීඩියෝවක්.
මාතර, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි සයුල් පුතා තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ 02 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.
ඔහු මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන්නේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස දක්වන අපූරු හැකියාවක් නිසයි. ප්‍රවෘත්ති විකාශයක් සිදුකරන ආකාරය අධ්‍යයනය කරමින්, තමන් විසින්ම ප්‍රවෘත්ති පිටපත් සකස් කරගෙන ඒවා ඉදිරිපත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔහුගේ දක්ෂතාව මනාව පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී හඬ පාලනය කරන ආකාරය, වචන උච්චාරණය සහ ඉදිරිපත් කිරීමේ විලාසය පිළිබඳ ඔහු දක්වන උනන්දුව බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබෙනවා.
දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි වයසකදී මෙවැනි හැකියාවක් සහ උනන්දුවක් දැක්වීම ඇත්තෙන්ම විශේෂත්වයක්. පුංචි කාලයේ සිටම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට සහ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ඔහු තුළ ඇති ආශාව ඔහුගේ මෙම උත්සාහයෙන් පැහැදිලිව පෙනෙනවා.
අද පුංචි හීනයක් ලෙස ආරම්භ වී ඇති මේ ගමන, අනාගතයේදී ඔහුගේ විශාල ජයග්‍රහණයක ආරම්භය වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
දවසක රටම හඳුනන දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙකු සහ මාධ්‍යවේදියෙකු වීමට සයුල් පුතාට ශක්තිය, ධෛර්යය සහ අවස්ථාව ලැබේවා!
✅✅✅✅✅✅✅✅✅✅✅✅
