🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

උසස් පෙළ වෙනුවෙන් අද සිට විශේෂ සේවා රැසක් - සෙනසුරාදා දිනවල විභාගය පැවැත්වෙන කාලසීමාවේ මේ කටයුතු අත්හිටුවන බව දන්වයි

 


උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් – අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ගමනාගමන පහසුකම් වෙනුවෙන් අද (10) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විභාගයට සහභාගී වන සිසුන්ට කිසිදු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කර ඇත්තේ විශේෂ ප්‍රවාහන වැඩසටහන යටතේ සිසු සැරිය බස් රථ 1,700ක් පමණ යොදවා ඇති බවයි.

පාසල් බස් සේවාවට ප්‍රමුඛතාව

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද උසස් පෙළ විභාගය අවසන් වන තෙක් පාසල් බස් සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

විභාග කාලසීමාව තුළ සිසුන්ගේ ගමනාගමනයට බාධා නොවන පරිදි පාසල් බස් සේවා අඛණ්ඩව ධාවනය කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව සඳහන්.

දුම්රිය ධාවනයත් සාමාන්‍ය කාලසටහනට

මේ අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දුම්රිය සේවාවද සාමාන්‍ය කාලසටහනට අනුව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගයට සහභාගී වන සිසුන්ට ගමනාගමනයේදී ඇතිවිය හැකි අපහසුතා අවම කිරීම සඳහා දුම්රිය ධාවනය අවලංගු නොකර පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම සෙනසුරාදා දිනවල විභාගය පැවැත්වෙන කාලසීමාවට අදාළව සිදුකිරීමට නියමිතව තිබූ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බස් සහ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා හරහා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අවශ්‍ය ගමනාගමන පහසුකම් සැලසීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

විභාගයට සහභාගී වන සිසුන්ට හැකි ඉක්මනින් විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සැලසුම් කරමින්, ප්‍රවාහන කාලසටහන් පිළිබඳවද කල්තියා අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.