🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

මම 2015 ඉඳන් කවදාවත් මගේ කොණ්ඩේ කපලා නැහැ දිගම වරලසින් ලෝකෙම කළඹපු ඇය ගිනස් ලෝක වාර්තා අතරට

 


අවුරුදු 10ක් කොණ්ඩය නොකපා වාර්තාවක් තියපු ඉන්දියානු තරුණිය

ඉන්දියාවේ උත්තරාකණ්ඩ ප්‍රාන්තයේ පදිංචි රේණු ධාරියල් නමැති තරුණිය ජීවත්ව සිටින කාන්තාවකගේ දිගම කෙස් කළඹ සම්බන්ධයෙන් පැවති ගිනස් ලෝක වාර්තාව අලුත් කිරීමට සමත්ව තිබෙනවා.

ගිනස් ලෝක වාර්තාවට අනුව ඇයගේ කෙස් කළඹේ දිග සෙන්ටිමීටර් 271.5ක් හෙවත් අඩි 8යි අඟල් 10ක් පමණ වන බව සඳහන්.

මෙම දිගත් සමඟ මීට පෙර යුක්‍රේන ජාතික කාන්තාවක් සතුව පැවති වාර්තාව අභිබවා යාමට රේණු ධාරියල්ට හැකි වී තිබෙනවා.

2015 සිට කොණ්ඩය කපා නැහැ

තම කෙස් කළඹ මෙතරම් දිගට වර්ධනය කරගත් ආකාරය පිළිබඳව අදහස් දක්වමින් රේණු පවසා ඇත්තේ තමන් 2015 වසරේ සිට අඛණ්ඩව කොණ්ඩය වවන බවයි.

ඉන්දියානු සංස්කෘතිය තුළ දිගු කෙස් කළඹ සුන්දරත්වය සහ සම්ප්‍රදාය සමඟ සම්බන්ධ වන නිසා එය තමන්ට මෙවැනි ඉලක්කයක් කරා යාමට විශාල පෙළඹවීමක් වූ බවද ඇය සඳහන් කර තිබෙනවා.

“මම 2015 ඉඳන් කවදාවත් මගේ කොණ්ඩේ කපලා නැහැ” යනුවෙන් ඇය පවසා තිබෙන බව වාර්තා වේ.

මිල අධික නිෂ්පාදන වෙනුවට සාම්ප්‍රදායික ක්‍රම

කෙස් කළඹ රැකබලා ගැනීම සඳහා මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට සාම්ප්‍රදායික ගෘහස්ථ නිෂ්පාදන සහ තෙල් වර්ග භාවිත කරන බවද රේණු සඳහන් කර තිබෙනවා.

වසර ගණනාවක් පුරා අඛණ්ඩව එකම ඉලක්කයක් වෙනුවෙන් කටයුතු කිරීම අවසානයේදී ඇයව ලෝක වාර්තාවක් දක්වා රැගෙන ගොස් තිබෙනවා.

ගිනස් ලෝක වාර්තාවෙන් නිල තහවුරු කිරීමක්

රේණු ධාරියල්ගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය ගිනස් ලෝක වාර්තා ආයතනය විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙන බව සඳහන්.

වසර ගණනාවක් පුරා සිදු කළ කැපවීමක් හරහා ලෝක වාර්තාවක් තමන්ගේ නමට එක්කර ගැනීමට හැකිවීම ඇයගේ උත්සාහයේ සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකියි.

දිගු කාලයක් පුරා ඉවසීමෙන් සහ අඛණ්ඩව කටයුතු කළහොත් තමන් බලාපොරොත්තු වන ඉලක්කයක් කරා ළඟා විය හැකි බවට රේණුගේ මෙම ජයග්‍රහණය අපූරු උදාහරණයක් වී තිබෙනවා.







✅✅✅✅✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.