🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

සුළු මොහොතකට පෙර ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - උඩට යද්දීම එන්ජිම කැඩෙයි



 ගුවන් සේවා තොරතුරු වාර්තා කරන 'ඒවියේෂන් වොයිස්' වාර්තා කර ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට සූදානම් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක එන්ජිමක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන්, එහි ගුවන්ගතවීම හදිසියේ අත්හිටුවීමට පියවර ගත් බවයි.

එහිදී වාර්තා කර ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් A330-300 වර්ගයේ 4R-ALR දරන UL503 ගුවන් යානය ධාවන පථය ඔස්සේ ඉහළට එසවීමට සූදානම් වූ අවස්ථාවේදී එහි අංක 02 එන්ජිමේ මෙම හදිසි දෝෂය හටගෙන ඇති බවයි.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ගුවන් නියමුවන් අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ යානය ගුවන්ගත කිරීම වහාම අත්හිටුවා එය ආරක්ෂිතව පාලනය කර ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව හදිසි තිරිංග යෙදීමත් සමඟ ගුවන් යානයේ ටයර්වලට ද හානි සිදුව ඇති බව මූලික නිරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, සිදුවීමට තුඩුදුන් නිශ්චිත හේතු මෙතෙක් හෙළි වී නැත.

කෙසේ වෙතත්, නියමුවන්ගේ කඩිනම් සහ නිවැරදි තීරණය හේතුවෙන් යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිසිදු හානියකින් තොරව ආරක්ෂිතව බේරා ගැනීමට හැකිවූ බව තහවුරු කර තිබේ.

සිද්ධියට අදාළ මූලික හේතුව සොයා ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා තාක්ෂණික අංශ මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.