එක්සත් අරාබි එමීර් රාජ්යය 2026 නොවැම්බර් මාසය සඳහා පෙට්රල් සහ ඩීසල් මිල අඩු කිරීම් නිවේදනය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව අඛණ්ඩව මාස තුනක් මිල ඉහළ යාමෙන් පසුව මෝටර් රථ හිමියන්ට මෙසේ සහනයක් ලබා දී ඇති බව සඳහන්.
මෙම සංශෝධිත ඉන්ධන මිල ගණන් අනුව, සුපර් 98 පෙට්රල් ලීටරයකට නොවැම්බර් මාසයේදී ඩිරාම් 4.16 ක් (ආසන්න වශයෙන් රු. 376) ක් වේ.
එය ඔක්තෝබර් මාසයේදී ඩිරාම් 4.40 ක් වූ අතර එය ඩිරාම් 0.24 ක අඩුවීමක් නියෝජනය කරයි.
එස්ඩේම විශේෂ 95 පෙට්රල් ලීටරයකට ඩිරාම් 0.24 කින්, ඩිරාම් 4.28 සිට ඩිරාම් 4.04 (ආසන්න වශයෙන් රු. 366) දක්වා අඩු වන බව සඳහන්.
මේ අතර, E-Plus 91 පෙට්රල් ලීටරයක මිල ඔක්තෝම්බර් මාසයේදී ඩිරාම් 4.21 ක් වූ අතර එය ඩිරාම් 3.97 ක් (ආසන්න වශයෙන් රු. 359) ක් වනු ඇත.
එමෙන්ම ඩිරාම් 0.24 ක සමාන අඩුවීමක් වේ. මේ අතර ඩීසල් මිල ගණන් ද අඩු කර ඇත.
ඒ ලීටරයකට ඩිරාම් 4.80 සිට ඩිරාම් 4.75 (ආසන්න වශයෙන් රු. 430) ලෙසයි.
මෙම සංශෝධිත මිල ගණන් නොවැම්බර් 1 වන දින සිට එක්සත් අරාබි එමීර් රාජ්යය පුරා ක්රියාත්මක වන අතර පෙට්රල් සඳහා මෙම අඩු කිරීම් ආසන්න ලෙස 5.5% සිට 5.7% දක්වා වන අතර ඩීසල් මිල 1% කින් පමණ පහත වැටෙනු ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මැදපෙරදිග ගැටුමට සම්බන්ධ ජාත්යන්තර බලශක්ති වෙළඳපොළවල අස්ථාවරත්වය මධ්යයේ, අඛණ්ඩව මාස තුනක් පුරා සිදු වූ ඉහළ යාමෙන් පසුව මෙම මිල අඩු කිරීම් සිදුව ඇත.
එමෙන්ම ජාත්යන්තර බලශක්ති වෙළෙඳපොළවල වර්ධනයන් පිළිබිඹු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්යය මාසිකව දේශීය ඉන්ධන මිල ගණන් සමාලෝචනය කර සකස් කරන බව වාර්තා වේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
