🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්.. අනෝජන්ට ඉදිරියට මොකද වෙන්නේ දන්වයි

 


සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව, මරණ දඬුවම අහෝසි කර නඩුව යළි විභාග කිරීමට තීරණය කිරීමෙන් පසු, සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසාව හමුවීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් ඊයේ (26) දින බන්ධනාගාරය වෙත ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම හමුවේදී ඉදිරියට පැවැත්වීමට නියමිත අධිකරණ ක්‍රියාපටිපාටිය පිළිබඳව අනෝජන් සිවරාසාව දැනුවත් කිරීම සහ අවශ්‍ය නීතිමය හා තානාපති සහායන් ලබාදීම පිළිබඳව සාකච්ඡා වූ බවයි.

එසේම තානාපති අමීර් අජ්වාඩ් මෙහිදී අවධාරණය කර ඇත්තේ සෞදි අරාබියේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතිමය පටිපාටියට පූර්ණ ගෞරවය දක්වමින්, ඉදිරි නඩු විභාගයන් වෙනුවෙන් සිවරාසා, ඔහුගේ නීතිඥ මණ්ඩලය සහ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමයි.

තවද අඳාළ නිවේදනයේ සිවරාසා රඳවා සිටින කාල සීමාව තුළ ඔහුගේ සුභසාධනය වෙනුවෙන් දැක්වූ කැපවීම සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් තානාපතිවරයා බන්ධනාගාර බලධාරීන් වෙතද සිය කෘතඥතාව පළ කර ඇති බව සඳහන්.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.