වාහන පාවිච්චි කරන අයට තවත් අවධානය යොමු කළ යුතු පුවතක් වාර්තා වෙනවා. සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් දෙකත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 475ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ යනවා.
හැබැයි මේ මිල වැඩිවීමත් එක්ක කතාබහට ලක්වන තවත් කරුණක් තිබෙනවා. ලංකා අයි.ඕ.සී. සමාගමත් ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබුණා.
ඒ අනුව සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් සහ ලංකා අයි.ඕ.සී. යන සමාගම් තුනේම ඔක්ටේන් 95 පෙට්රල් මිල රුපියල් 20කින් ඉහළ දැමීම සිදුවෙලා තියෙනවා.
වාහනයට පෙට්රල් ගහන්න යනකොට කලින් ගණන් හදාගෙන යන්න වෙන තත්ත්වයක් නේද මේ?
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
