🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

පැයට කිලෝමීටර් 140ක චණ්ඩ සුළං සහ මීටර් 4ක් උස දැවැන්ත රළ- බෙංගාල බොක්කේ දැවැන්ත අනතුර ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්

 


බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ ශ්‍රී ලංකාව වටා පිහිටි ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද  පෙරවරු 8.00ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 12ක කාලය සඳහා වලංගු වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘ඔර්නබ්’ (Ornab) ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්ව තිබේ.

අද අලුයම 2.30 වන විට එය උතුරු අක්ෂාංශ 15.9 සහ නැගෙනහිර දේශාංශ 85.4 ආසන්නයේ, කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව වාර්තා වේ.

මෙම සුළි කුණාටුව අද පස්වරු 5.30 දක්වා බටහිරට බරව වයඹ දෙසට ගමන් කිරීමටත්, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින් හෙට (28) පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමටත් බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 140ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ද ඇති විය හැකිය.

එම මුහුදු ප්‍රදේශවල රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු වීමේ අවදානමක් පවතී. ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම, අදාළ මුහුදු ප්‍රදේශවල දැනට ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් වහාම ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Gallery

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.