🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

මුදල් ලැබුණා නම් ගිණුමට බැර කරනවා ආයෙත් කාර්යාලයට එන්න එපා කියපු නිලධාරීන් අස්වැසුමේ මුදල් අරන්

 


දුප්පතුන්ගේ මුදල් කෝටි 1.62ක් වංචා කළ ජාලයක් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෙළි වෙයි

දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසක් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ, එම දුප්පත් ජනතාවට හිමි දීමනා මුදල් ක්‍රමානුකූලව වංචා කළ මහා පරිමාණ ජාවාරමක් විගණන පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් එක් කෝටි හැට දෙලක්ෂයක් (රු. 1.62 කෝටි) දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මෙම කම්පනකාරී හෙළිදරව්වත් සමඟ, මීට පෙර අත්අඩංගුවට ගත් කාන්තා නිලධාරීන් දෙදෙනාට අමතරව, එම කාර්යාලයේම සේවය කරන තවත් නිලධාරීන් තිදෙනෙකු මෙම වංචාවට සම්බන්ධ බවට අනාවරණය වී ඇත. ඒ අනුව, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් අද (06) දින හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

වංචාව හෙළි වූ ආකාරය

මෙම දැවැන්ත වංචාව මතු වී ඇත්තේ, තම අස්වැසුම දීමනා නොලැබුණු බවට ප්‍රතිලාභීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත යොමු කළ නිර්නාමික ලිපියක් හේතුවෙනි. ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරිය, මුලින්ම අත්අඩංගුවට ගත් සැකකාරිනියන් දෙදෙනාව වෙනත් කාර්යාලවලට මාරු කර, නුවරඑළිය දිස්ත්‍රික් සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශවල නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා 2023 සිට 2025 දක්වා කාලය සඳහා විශේෂ විගණනයක් සිදු කළාය.

වංචාවේ ක්‍රමවේදය

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති ආකාරයට, සැකකරුවන් විසින් අස්වැසුම මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇත. පසුව, එම මුදල් "ණය මුදලක්" ලෙසින් පෞද්ගලිකව අතමාරු මඟින් ලබා දී, පොලී රහිතව මාසික වාරික වශයෙන් එම මුදල් අය කරගෙන තිබේ.

එපමණක් නොව, දීමනා නොලැබීම සම්බන්ධයෙන් කාර්යාලයට ගොස් විමසූ ප්‍රතිලාභීන්ට "මුදල් ලැබුණා නම් ගිණුමට බැර කරනවා, ආයෙත් කාර්යාලයට නොපැමිණෙන්න" යනුවෙන් සැකකාරිනියන් තර්ජනය කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

විගණනය නුවරඑළිය පුරා පැතිරේ

මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා ප්‍රකාශ කර ඇත්තේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ම ආවරණය වන පරිදි විශේෂ විගණන කණ්ඩායමක් පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. මෙමගින් අස්වැසුම, දිවිනැඟුම, සමෘද්ධි, සහ කොරෝනා සහනාධාර ඇතුළු සියලු ප්‍රතිලාභ ගෙවීම් පරීක්ෂා කිරීමට නියමිතය.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.