හෙට පළාත් රැසකට වැසි – තද සුළං සහ අකුණු ගැනත් අනතුරු ඇඟවීමක්
හෙට (11) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ. වයඹ පළාතටද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
මේ අතර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින්, ඒ හේතුවෙන් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
