🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

සෑම ලාංකිකයෙකුටම වාහනයක් - වාහන මිල අඩු වීමක් ගැන ප්‍රකාශයක්


 සෑම පුරවැසියෙකුටම වාහනයක් භාවිත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය අවසන් වූ විගස වාහන මත පනවා ඇති තාවකාලීක බදු සීමා ඉවත් කරන බවයි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සංවිධාන කළ වාහන ප්‍රදර්ශනය හා පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

කුඩා ප්‍රමාණයේ රථවල සිට සුපිරි මෝටර් රථ දක්වා වූ වාහන රැසක් පෙළපාලියට එක්කර තිබූ අතර එය පෝට්සිටි පරිශ්‍රයේ සිට වෝටර්ස් එජ් දක්වා ගමන් කර ඇත.

සමාජය තුළ වගකීම්සහගත මෝටර් රථ සංස්කෘතියක්, ස්වයං විනයගරුක රිය පැදවීමක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් වාහන ප්‍රදර්ශනය සහ පෙළපාලිය සංවිධාන කර තිබුණා.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.