හෙට සිට වැඩිහිටි දීමනා බැංකු ගිණුම්වලට: ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 698,962කට රුපියල් බිලියන 3.5ක් ගෙවීමට නියමිතයි
වයස අවුරුදු 70 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන 'අස්වැසුම' වැඩිහිටි දීමනාවේ ජූලි මාසයට අදාළ මුදල් හෙට (31) දිනයේදී බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
මෙම දීමනාව රජයේ සුබසාධක වැඩසටහනේ කොටසක් වන අතර, එමගින් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වැඩිහිටි ප්‍රජාවට විශාල සහනයක් සැලසේ. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ මෙම මුදල් නිකුත් කෙරෙන අතර, එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
කොපමණ පිරිසකටද? කොපමණ මුදලක්ද?
රජයේ දත්ත වාර්තාවලට අනුව, මෙම මාසයේදී ප්‍රතිලාභීන්ගේ විස්තරය පහත පරිදි වේ.
· පළමු අදියර: ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 621,638 දෙනෙකු සඳහා රුපියල් 3,108,190,000 ක් (බිලියන 3.1).
· දෙවන අදියර: ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 77,324 දෙනෙකු සඳහා රුපියල් 386,620,000 ක් (මිලියන 386.6).
ඒ අනුව, අදියර දෙකම එක්ව ගත් කල, සමස්ත ප්‍රතිලාභීන් 698,962 දෙනෙකු සඳහා ගෙවීමට නියමිත මුළු මුදල රුපියල් 3,494,810,000 (බිලියන 3.5ක් පමණ) වේ. එක් ප්‍රතිලාභියෙකුට මාසිකව ලැබෙන දීමනාව රුපියල් 5,000කි.
අදාළ සියලුම ප්‍රතිලාභීන්ට හෙට (31) සිට තම අස්වැසුම බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබා ගැනීමට හැකි වනු ඇත.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments