උතුරු-මැද, නැගෙනහිර, සබරගමුව පළාත්වල සහ කුරුණෑගල, මොනරාගල, වවුනියාව, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඒ අනුව, උතුරු-මැද, නැගෙනහිර, සබරගමුව පළාත්වල සහ කුරුණෑගල, මොනරාගල, වවුනියාව, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල හෙට (30) දිවා කාලයේදී සමහර ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන තාප දර්ශකය ‘අවවාදයයි’ මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇත.
සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය භාවිතා කරමින් තාප දර්ශක අනාවැකිය ගණනය කරනු ලබන අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, ඔබේ ශරීරයට දැනෙන තත්ත්වය මෙයයි.
දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ එළිමහන් ක්‍රියාකාරකම් තෙහෙට්ටුවට හේතු විය හැකි අතර, අඛණ්ඩ ක්‍රියාකාරකම් තාප කැක්කුමට හේතු විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එබැවින්, පදිංචිකරුවන් සජලීව සිටින ලෙසත්, දැඩි එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් ඉල්ලා ඇත.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments