Ticker

6/recent/ticker-posts

Banner Ads

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

 


අද දිනයට ද තද වැසි අවදානම පවතී: සබරගමුව, නුවර, නුවරඑළියට මි.මී. 75 ඉක්මවූ වැසි – අකුණු අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික වර්ෂාපතන තත්ත්වය අද (04) දිනයේදීත් තවදුරටත් පවතිනු ඇති අතර, සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, අදාළ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත. ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

තද සුළං සහ අකුණු අවදානම

මීට අමතරව, උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. විවෘත ස්ථානවල සිටීමෙන්, ගස් යට සිටීමෙන් සහ ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇත.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

0 Comments