Ticker

6/recent/ticker-posts

Banner Ads

පෙරහැරට රැගෙන යමින් සිටි වනඅලියා ටිපර් රථයක ගැටෙයි -

 


පෙරහරක් සඳහා ගෙන ගිය වන අලියෙකු ලොරියෙන් බස්සවා සිටියදී ටිපර් රථයක් ගැටී මීටර් 50ක් ඇදී ගොස් බරපතල තුවාල

කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයෙන් මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා ලොරි රථයකින් රැගෙන යමින් සිටි වන අලියෙකු, මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේදී අද (28) ටිපර් රථයක ගැටී බරපතල තුවාල ලබා ඇත.

මෙම අනතුර සිදු වී ඇත්තේ අලියා රැගෙන යමින් තිබූ ලොරි රථයේ හදිසි කාර්මික දෝෂයක් ඇති වීම හේතුවෙන්, අලියා වාහනයෙන් බස්සවා මාර්ගය අසල රඳවා සිටි අවස්ථාවේදීය. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන අවස්ථාවේදී, අලියා මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටි අතර, දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් අලියාගේ සිරුරේ ගැටී තිබේ.

ගැටීමේ බලපෑම කෙතරම් දරුණු වී ද යත්, වන අලියා ටිපර් රථයේ ගැටී මීටර් 50ක් පමණ දුරක් මාර්ගයේ ඇදී ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. අනතුරින් බරපතල තුවාල ලැබූ අලියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ කළද, අලියාගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

රියදුරු අත්අඩංගුවට

මේ අතර, අනතුර සිදු කළ ටිපර් රථයේ රියදුරු මැල්සිරිපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලීසිය සඳහන් කරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

0 Comments