"මට තාම මතකයි, මට ඩිමෙන්ෂියා නෑ!" – යුපුන් සමුගැනීමේ සිද්ධිය සහ සුනිල් ගුණවර්ධනගේ ප්‍රකාශයට එරෙහිව සුසන්තිකාගේ දැඩි ප්‍රහාරය
ශ්‍රී ලංකාවේ එකම ඔලිම්පික් මලල ක්‍රීඩා පදක්කම්ලාභිනිය වන සුසන්තිකා ජයසිංහ, වසර ගණනාවක නිහැඬියාව බිඳ දමමින් සිය මුහුණු පොත (Facebook) ඔස්සේ ඉතා දැඩි හා හැඟීම්බර වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ ඇවිලී ගිය ක්‍රීඩා විවාදය අතරේ, ප්‍රවීණ පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම තත්ත්වය උග්‍ර විය. සුනිල් ගුණවර්ධන මහතා තම ප්‍රකාශයේදී සුසන්තිකා, දර්ශා, ශ්‍රියානි, සුගත් යන අතීත ශූරයන්ව උදාහරණ කරමින්, "ඔවුන් දිනන්නත් කලින් තමයි ගෙවල්-දොරවල්, වාහන දුන්නේ" යනුවෙන් සඳහන් කර තිබුණි.
මෙම ප්‍රකාශය තමා තුළ දැඩි වේදනාවක්, දුකක් සහ කේන්තියක් ඇති කළ බව පවසන සුසන්තිකා, තවදුරටත් නිහඬව සිටිය නොහැකිව සත්‍යය හෙළිදරව් කිරීමට තීරණය කළ බව පැවසුවාය.
"මට දිනන්න කලින් කිසිම දෙයක් ලැබුණේ නෑ"
ඇය සිය වීඩියෝවේදී දැඩි ලෙස අවධාරණය කළේ, සුනිල් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
"මම කියන්නම්, මට නම් කවදාවත් දිනන්න කලින් කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. මට විතරක් නෙමෙයි, අනික් සහෝදර ක්‍රීඩකයන්ටත් හම්බ වුණේ නැහැ. මම 1997 ඇතැන්ස් ලෝක ශූරතාවලිය දිනුවට පස්සේ තමයි මට කොළඹින් ගෙයක් හම්බ වුණේ, වාහනයක් හම්බ වුණේ."
එසේම, ක්‍රීඩා ඉතිහාසයේ බොහෝ දෙනෙකුට මතක ඇති ආන්දෝලනාත්මක සිදුවීමක් ද ඇය නැවත සිහිපත් කළාය. ඒ, දමයන්ති දර්ශාට ආසියානු ක්‍රීඩා උළෙලක් ජයග්‍රහණය කිරීමෙන් පසුව ලැබුණු "ස්පෝර්ට්ස් කාර්" (Sports Car) රථය පිළිබඳවයි.
"දමයන්ති දර්ශා දින්නේ ආසියාවේ විතරයි... හැබැයි එතුමියට 'Sports car' පවා දුන්නා! මට නම් එහෙම හම්බ වුණේ නැහැ. මට ඒ කාලේ Elephant House ආයතනයෙන් දුන්නු අනුග්‍රාහකත්ව මුදලින් ලීස් (lease) කරලයි මම වාහනයක් ගත්තේ."
පරිපාලන අතීතයට එරෙහි චෝදනා
තම ක්‍රීඩා දිවිය නිමා වීමට පවා හේතු වූයේ එවකට පැවති පරිපාලන අසාධාරණකම් බව සුසන්තිකා චෝදනා කළාය.
"ඕගොල්ලෝ ක්‍රීඩාව කෑවා; ක්‍රීඩකයන් නැති කළා... මගේ සම්පූර්ණ ක්‍රීඩා දිවියම නැවැත්තුවේ ඔබතුමාලා කරපු අසාධාරණකම් හින්දා!... ඔබතුමාලාගේ පරිපාලන කාලයේදී ඔබතුමාලා තමයි පංගු බේරුම් ඇති කළේ. ඔබතුමාලා තමයි ක්‍රීඩකයන් නැති කළේ."
යුපුන් අබේකෝන් ගැන මැදිහත් අදහස
සුසන්තිකා යුපුන්ගේ දක්ෂතාවය පිළිගත්තද, ඔහුට ලැබිය යුතු ඇගයීම් පිළිබඳව වෙනස් මතයක් දැක්වූවාය.
"යුපුන් අබේකෝන් කියන්නේ දකුණු ආසියාවෙන්ම මීටර් 100 තත්පර 10ට අඩුවෙන් දුවපු ක්‍රීඩකයෙක්. ඒක ඇත්ත. නමුත් එහෙම දිව්වා කියලා ලෝක තරගවලට ගිහින් පරිසාධන මට්ටමකට ඇවිත්, ලෝකයේ හොඳම 100 දෙනා අතරවත් එයා ඉන්නවාද දන්නේ නැහැ... අපේ කාලයේ වුණත් අපි ලෝක මට්ටමින් පදක්කම් දිනුවාම තමයි අපට ඒ වගේ තැන් සහ අවස්ථාවන් ලැබුණේ."
වර්තමාන පාලනයට පැසසුම සහ රොමේෂ්ට සුබ පැතුම්
දීර්ඝ වීඩියෝ ප්‍රකාශය අවසානයේදී, ඇය වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වා මහතාට තම කෘතඥතාව පළ කළාය. එමෙන්ම, සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ වර්තමානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දක්වන කෙටි දුර ධාවන ශූර රොමේෂ් ට ඉදිරි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී (Commonwealth Games) රන් පදක්කමක් දිනා ගැනීමට ශක්තිය සහ ආශීර්වාදය ලබා දෙන ලෙසයි.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments