Ticker

6/recent/ticker-posts

Banner Ads

ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවල සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන්ට මේ සඳහා රජයෙන් අවස්ථාවක්

 


"වෘත්තිය අධ්‍යාපනය දෙවැනි තේරීමක් නොවේ": තරුණ පරපුර සවිබල ගැන්වීමට 'Skills Expo 2026' ඔක්තෝබර් මාසයේදී කොළඹදී

රටක් සහ සමාජයක් දියුණු වීමට නම්, කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ට අවස්ථා තිබෙන බවට විශ්වාසය ගොඩ නැගීම සහ එය යථාර්ථයක් කිරීම සඳහා අවස්ථා සැලසිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) කොළඹ නගරාධිපති නිල නිවසේදී, Sri Lanka Skills Expo 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයට එක් වෙමිනි. කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සහ සංවර්ධන පාර්ශවකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මොකක්ද මේ Skills Expo 2026?

'Skills for Life' (ජීවිතයට අවශ්‍ය කුසලතා) යන තේමාව යටතේ සිව් වැනි වරටත් සංවිධානය කෙරෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනය, ඔක්තෝබර් 23, 24 සහ 25 යන දිනවලදී කොළඹ 07, විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, කෘෂි ආංශික නිපුණතා සභාව, කර්මාන්ත නිපුණතා සභාව සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) එක්ව මෙය සංවිධානය කරයි.

වෘත්තිය අධ්‍යාපනයට නව ප්‍රවේශයක්

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, වර්තමාන සමාජයේ ඇති වැරදි මතයක් බිඳ දැමීමට උත්සාහ කළාය.

"වෘත්තිය අධ්‍යාපනය විකල්ප තේරීමක් යන මතය නැති කළ යුතුයි. සියලු විෂය ක්ෂේත්‍රයන්ම රැකියා අවස්ථා, ආර්ථික සංවර්ධනය සහ පුද්ගලික දියුණුවට සම්බන්ධ වෙනවා," ඇය පැවසුවාය.

ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශාල ලෙස ආයෝජන සිදු කරන බවත්, එම සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති බවත් අගමැතිනිය හෙළි කළාය. රටේ සියලුම ප්‍රදේශවල පාසල් සිසුන්ට මෙම ප්‍රදර්ශනය නැරඹීමට අවස්ථාව සලසා දීමට රජය කැපවී සිටින බව ද ඇය අවධාරණය කළාය.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

0 Comments