Ticker

6/recent/ticker-posts

Banner Ads

“විවාහ ලියාපදිංචියට ආපු ඇඳුම නිසා හිනා වුණු හැමෝම නොදන්න ඇත්ත මෙන්න



 සමහර දේවල් අපේ ජීවිතකාලය පුරාම සිහිනයක් පමණක්ම වෙනවා.


මේ කියන්න යන්නේ යුවතියකගේ අන්න ඒ වගේ සිහිනයක් ගැන ඇසෙන කඳුළු කතාවක් තමයි මේ. 


සමාජ මාධ්‍ය තුළ මේ විවාහ ලියාපදිංචිය ගැන ගොඩක් කතා වෙනවා. මේ අන්න ඒ ගැන මුහුණුපොතේ පළවුණු සටහනක්..

"එයාලා විවාහය register කරන්න ඇඳගෙන ආපු ඇඳුම් ගැන ගොඩක් අය කතා කළා.

සමහරු හිනා වුණා. සමහරු විවේචනය කළා.
"ජීවිතේ වැදගත්ම දවසට අදින්නේ මේ වගේ ඇඳුම්ද?" කියලත් ඇහුවා..

ඒත් පිටින් අපි දකින ඒ සිදුවීම ඇතුළේ, කවුරුත් නොදන්න ලොකු කතාවක් තිබුණා.

මේ දුව අවුරුදු ගාණක් තිස්සේ පවුලේ බර කරට අරගෙන ජීවත් වෙන කෙනෙක්.

එයාගේ තාත්තා එකතැන් වෙලා.. අම්මා මානසික අසනීප තත්වයකින් පීඩා විඳිනවා..

ජීවිතේ ලස්සන දවසේ මංගල ඇඳුම් ගැන හීන දකින්නවත් ඉඩක් නැතුව, දවස ගෙවාගන්න සටන් කරපු කෙනෙක් එයා.

ඒත් ඒ හැම දුකක් මැදම, "අපි දෙන්නා එකට ජීවත් වෙමු" කියලා ආදරෙන් එයාගේ අත අල්ලපු කෙනෙක් හිටියා.. අද ඒ දෙන්නා එකතු වෙලා ලස්සන ගමනක් පටන් ගන්නවා.

ඉතින්… මනුස්සයෙක්ගේ ඇඳුම බලලා චරිත සහතික දෙන්න කලින්, එයාගේ ජීවිත කතාව ගැන තත්පරයක් හරි හිතලා බලන්න."

✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments