වසර 20කට පසු මන්නාරමේ පාසල් දරුවන්ගේ සිහිනය ඉටු වෙයි: ප්‍රථම 'සිසු සැරිය' බස් රථ සේවාව අද ඇරඹේ
මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගැටලුවලට සාර්ථක පිළිතුරක් ලෙස, බොහෝ කලක් බලාපොරොත්තුවෙන් සිටි 'සිසු සැරිය' ශිෂ්‍ය බස් රථ සේවාව අද (28) සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ විය.
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ, මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා පළමු බස් රථය අද ධාවනයට එක් විය.
"සිසු සැරිය" ජාතික වැඩසටහන 2005 වසරේදී ආරම්භ කළද, උතුරු පළාතේ ඇතැම් දිස්ත්‍රික්කවලට මේ දක්වා මෙම සේවාව ලැබී නොතිබීම දැඩි කනගාටුවට කරුණක් බව මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අඩක් ගාස්තුවෙන් සුවපහසු ගමනක්
මෙම නව සේවාවේ විශේෂත්වය වන්නේ එය සිසුන්ට ලබා දෙන ආර්ථික සහනයයි. මෙම සේවාව යටතේ පාසල් සිසුන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සාමාන්‍ය බස් ගාස්තුවෙන් අඩක් පමණක් අය කෙරෙනු ලබන අතර, ඉතිරි මුදල රජය විසින් දරනු ලැබේ. මෙමගින් දුෂ්කර ප්‍රදේශවල පවුල්වල අධ්‍යාපන වියදම කෙරෙහි විශාල සහනයක් ලැබෙනු ඇත.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත, පළමු අදියර යටතේ බස් රථ 20ක් මෙම සේවාව සඳහා යොදවා තිබේ. ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ජගදීස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේෂ්වරන්, සහ උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එස්. විමලේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
---
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments