Ticker

6/recent/ticker-posts

Banner Ads

එල් නීනෝ නිසා රටම අවදානමක - ඉස්සරහට වෙන්න යන ප්‍රතිවිපාක ගැන දැනුවත් කිරීමක්

 


"මේක සුපිරි එල් නීනෝ එකක්, සෙල්ලම් නෙවෙයි": ආහාර හා ජල අර්බුදයකට සූදානම් වන ලෙස රජයෙන් අනතුරු ඇඟවීම

ලොව පුරා විපරීත කාලගුණ තත්ත්වයන් නිර්මාණය කරන එල් නීනෝ සංසිද්ධිය මෙවර "සුපිරි" මට්ටමක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, ඊට මුහුණ දීමට සියලු දෙනා සූදානම් විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.

මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසක දැඩි වියළි කාලගුණයක් පවතින අතර, පැසිෆික් සාගරයේ ආරම්භ වූ මෙම දේශගුණික විපර්යාසය ඉදිරි සතිවලදී තවදුරටත් උත්සන්න විය හැකි බව විද්‍වතුන්ගේ අනාවැකියයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජයේ ඉහළම මට්ටමින් ආහාර සුරක්ෂිතතාව, ජල සැපයුම සහ ආපදා සූදානම පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.

කෘෂිකර්මාන්තයට බලපෑම සහ වී වගා සැලසුම්

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී හෙළි කළේ, පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල මූලාශ්‍ර රැසක් සිඳී ගොස් වගාබිම් විනාශ වෙමින් පවතින බවයි. මෙම බරපතල තත්ත්වය හමුවේ, මෙවර මහ කන්නයේ වී වගාව සාමාන්‍ය කාලයට වඩා ප්‍රමාද කරමින්, ඔක්තෝම්බර් මස මුල් සතියේදී ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙමගින් ජලය ඇති කාලයත් සමඟ වගාව සමපාත කිරීමට බලධාරීන් බලාපොරොත්තු වේ.

"වතුර අරපිරිමැස්මෙන් භාවිතා කරන්න"

මේ අතර, ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත්තේ, පවතින වියළි කාලගුණ තත්ත්වය පහව යන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. පානීය ජලය මෙන්ම අනෙකුත් දෛනික කටයුතු සඳහා ද ජලය භාවිතයේදී උපරිම සැලකිල්ලක් දක්වන ලෙස අමාත්‍යවරයා දැනුම් දෙයි.

ආපදා සූදානම සහ අරමුදල් අර්බුදය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසන්නේ, එල් නීනෝ හේතුවෙන් උද්ගත විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා දැනටමත් සැලසුම් සකස් කරමින් සිටින බවයි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාව (COPF) හමුවේ මෑතකදී අනාවරණය වී ඇත්තේ, නීතියෙන් පිහිටුවා ඇති ආපදා කළමනාකරණ අරමුදල තවමත් විධිමත්ව ක්‍රියාත්මක නොවන බවයි. මෙමගින් හදිසි ආපදා අවස්ථාවකදී මුදල් සොයා ගැනීමේ දැඩි අභියෝගයක් ඇති විය හැක.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

0 Comments