"කටට රසට කාලා අක්මාව නැති කරගන්න එපා": අක්මාවේ තෙල් (Fatty Liver) රෝගයේ රහස්‍ය ලක්ෂණ සහ හේතු
ජීවත් වෙනවා කියන්නේ රසට කා බී විනෝද වීම යැයි සිතන බොහෝ දෙනෙක්, තම ජීවන රටාව නිසා ශරීරගත වන රෝග ගැන සිතන්නේ ඒවායින් පීඩා විඳීමට පටන් ගත් පසුවය. එවැනි නිහඬ නමුත් භයානක රෝගී තත්ත්වයක් වන "අක්මාවේ තෙල්" හෙවත් Fatty Liver රෝගය, අද වන විට වයස් භේදයකින් තොරව බොහෝ ශ්‍රී ලාංකිකයන් පීඩා විඳින ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී ඇත.
අපගේ ශරීරයේ දෙවන විශාලතම ඉන්ද්‍රිය වන අක්මාව, එන්සයිම නිෂ්පාදනය, ආහාර ජීර්ණයට පිත නිෂ්පාදනය, විෂ හරණය සහ රුධිරය නිෂ්පාදනය වැනි අත්‍යවශ්‍ය කාර්යයන් රැසක් ඉටු කරයි. එබැවින්, අක්මාව රෝගී වීම යනු සමස්ත ජීවිතයටම එල්ල වන බරපතල තර්ජනයකි.
අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty Liver) යනු කුමක්ද?
සාමාන්‍යයෙන් නිරෝගී අක්මාවක යම් තරමක මේද ප්‍රමාණයක් (5%කට අඩු) පැවතීම සාමාන්‍ය දෙයකි. නමුත්, විවිධ හේතූන් මත මෙම මේද ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් 30% සිට 40% දක්වා තැන්පත් වීම "රෝගී තත්ත්වයක්" ලෙස හැඳින්වේ.
මෙම රෝගය පාලනය නොකළහොත්, එය මත්පැන් පානය නොකරන්නන් තුළ පවා අක්මාවේ සිරෝසිස් (Cirrhosis) තත්ත්වය දක්වා වර්ධනය විය හැක.
අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන ප්‍රධාන හේතු
අපගේ දෛනික පුරුදු සහ පරිසරය මේ සඳහා සෘජුවම බලපායි. ප්‍රධාන හේතු පහත පරිදි වේ.
· වැරදි ආහාර රටාව: අධික මේදය, පිෂ්ඨය සහිත ආහාර ගැනීම.
· අධික මත්පැන් භාවිතය.
· ජීවන රටා රෝග: ස්ථුලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය.
· ජානමය සාධක.
· ප්‍රමාණවත් ජලය පානය නොකිරීම සහ කුසගින්නේ සිටීම.
· ශාරීරික ක්‍රියාකාරකම් අඩු වීම.
· මානසික ආතතිය සහ රසායනික ද්‍රව්‍ය සහිත ආහාර.
⚠️ විශේෂ අවවාදය: වේදනා නාශක (Painkillers)
වේදනා නාශක ඖෂධවල අඩංගු ඇසිටමිනොෆින් (Acetaminophen) රසායනිකය, මත්ද්‍රව්‍යවලටත් වඩා දරුණු ලෙස අක්මාවට හානි කරයි. මෙම හානිය අවම කිරීමට අක්මාවේ මේදය තැන්පත් වේ. එබැවින්, පැය 8න් 8ට ගත යුතු ඖෂධ, අඩු කාල පරතරයකින් ලබා ගැනීම අතිශයින්ම අනතුරුදායක වේ.
රෝග ලක්ෂණ (Symptoms)
මෙම රෝගයේ භයානකම ලක්ෂණය වන්නේ, එය බොහෝ විට නිහඬව ශරීරය තුළ වර්ධනය වීමයි. අක්මාවේ මේදය 40%-50% තරම් ඉහළ ගිය පසුවයි බාහිර රෝග ලක්ෂණ මතු වන්නේ. නමුත් ඇතැම් අවස්ථාවලදී රෝග ලක්ෂණ නොපෙන්වා ද රෝගය තිබිය හැක.
ඔබට මෙම රෝගය වැළඳී ඇතැයි සැක කළ හැකි ලක්ෂණ:
· ශරීරය අප්‍රාණික වීම සහ අලස බව.
· ආහාර අරුචිය (විශේෂයෙන්ම තෙල් සහිත ආහාර දුටු විට අප්‍රසන්න බවක් දැනීම).
· උදරයේ දකුණු පැත්තේ නිරන්තර තද බවක් සහ වේදනාවක් දැනීම.
· බඩ පිපීම, මලබද්ධය, අජීර්ණය, ඔක්කාරය, වමනය.
· රෝගය උත්සන්න වූ විට සිරුරේ කැසීම, මුත්‍රා තද පැහැ වීම, සෙංගමාල ලක්ෂණ.
· හෝර්මෝන අසමතුලිතතාව හේතුවෙන් පිරිමින්ගේ පියයුරු විශාල වීම හා කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නැවතීම.
රෝගය හඳුනා ගැනීම
ඉහත කිසිදු ලක්ෂණයක් නොතිබුණද, ඔබට මෙම රෝගය වැළඳී තිබිය හැක. එබැවින්, ඔබ ඉහත සඳහන් අවදානම් සාධකවලට නිරාවරණය වන්නේ නම්, Liver Function Test (LFT) නම් රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙමගින් අක්මාවෙන් නිපදවෙන එන්සයිම ප්‍රමාණය ගණනය කර, ඔබ ෆැටි ලිවර් රෝගියෙක්ද යන්න නිවැරදිව නිර්ණය කළ හැක.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments