Ticker

6/recent/ticker-posts

Banner Ads

අද සහ හෙට මුළු ලෝකෙටම විශේෂ රාත්‍රියක් උදා වේ - විද්‍යාඥයන්ගෙන් විශේෂ හෙළිදරව්වක්


 අද රාත්‍රියේ අහස දෙස බලන්න: පැයට උල්කාපාත 25ක් දක්වා දැකිය හැකි ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව ශ්‍රී ලංකාවට

මෙම වසරේ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන ආකාශීය සංදර්ශනයක් වන 'ඩෙල්ටා ඇක්වාරිට්ස්' (Delta Aquariids) උල්කාපාත වර්ෂාව, අද (29) රාත්‍රී කාලයේ සහ හෙට (30) අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවාසීන්ගේ නෙත් සිත් පිනවීමට නියමිත බව අභ්‍යවකාශ විද්‍යාඥ, ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

තාරකා විද්‍යා ලෝලීන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද නැරඹිය හැකි මෙම අපූරු සංසිද්ධිය, විශේෂිත උපකරණ කිසිවක් අවශ්‍ය නොවී පියවි ඇසින් දැක බලා ගත හැකි වීම විශේෂත්වයකි.

මොකක්ද මේ ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව?

ගිහාන් වීරසේකර මහතා සඳහන් කරන්නේ, මෙම අභ්‍යවකාශ සංසිද්ධිය කුම්භ (Aquarius) නමැති තාරකා රාශියේ පිහිටි ඩෙල්ටා ඇක්වාරිට්ස් යන තරුව ආශ්‍රිතව අහසේ දර්ශනය වන බවයි. පෘථිවිය අභ්‍යවකාශයේ ඇති දූවිලි හා ගල් කැබලි සහිත ප්‍රදේශයක් හරහා ගමන් කිරීමේදී, එම කැබලි වායුගෝලයට ඇතුළු වී දැවී යාමෙන් මෙම ආලෝක ධාරා නිර්මාණය වේ.

නැරඹිය යුතු ආකාරය සහ වේලාව

· හොඳම වේලාව: අද (29) රාත්‍රී සිට හෙට (30) අලුයම දක්වා.

· තීව්‍රතාවය: පැයකට උල්කාපාත 20ත් 25ත් අතර ප්‍රමාණයක් දැකගත හැක.

· කාලසීමාව: අහස පැහැදිලිව පවතින ප්‍රදේශවල මුළු රාත්‍රිය පුරාම.

· උපදෙස්: නගර ආලෝක දූෂණයෙන් ඈත් වූ, අහස පැහැදිලිව පෙනෙන අඳුරු ස්ථානයක සිට ගිනිකොන දෙසට (Southeast) නෙත් යොමු කරන්න. පියවි ඇසට හුරු වීමට අවම වශයෙන් විනාඩි 15ක් පමණ අඳුරේ සිටින්න.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

0 Comments