Ticker

6/recent/ticker-posts

Banner Ads

මේ පැතිවල ජනතාවට සුභ ආරංචියක් - නිවාස සංකීර්ණ අලුත්වැඩියාවට රුපියල් මිලියන 764ක්

 


සහස්පුර, සිංහපුර ඇතුළු නිවාස සංකීර්ණ හතරක අලුත්වැඩියාවට රුපියල් මිලියන 764ක මුදලක් වැය කිරීමට කැබිනට් අනුමැතිය

අඟුලාන සයුරුපුර, බොරැල්ල සහස්පුර සහ සිංහපුර (I සහ II) යන නාගරික නිවාස සංකීර්ණ හතරක අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 764.09ක මුදලක් වැය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ, අදාළ නිවාස සංකීර්ණවල ජීවත් වන නාගරික අඩු පහසුකම් සහිත ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ගොඩනැගිලිවල ආරක්ෂාව තහවුරු කිරීම සහ ඒවායේ කල්පැවැත්ම වැඩි කිරීමේ අරමුණිනි.

මොකක්ද මේ ව්‍යාපෘතිය?

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (Urban Settlement Development Authority - USDA) මඟින් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණ, වසර ගණනාවක් පුරා පවත්වාගෙන යාමේදී ඇති වූ අඩුපාඩු හා හානි සහගත තත්ත්වයන් නිසා දැඩි අලුත්වැඩියා අවශ්‍යතාවයක් පැන නැගී තිබුණි.

ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුමත වී ඇත. මේ සඳහා භාණ්ඩාගාර අරමුදල් යොදා ගන්නා අතර, 2026 හා 2027 යන වසර දෙක තුළදී සියලු අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන නිවාස සංකීර්ණ:

1. අඟුලාන සයුරුපුර

2. බොරැල්ල සහස්පුර

3. සිංහපුර අදියර I

4. සිංහපුර අදියර II


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

0 Comments