අතීතය අමතක කර නැවත ආදරය ජයගත් අමායා: හිටපු සැමියාගේ පළමු බිරිඳ වන සමිතාගෙන් ලැබුණු අනුපමේය ආශීර්වාදය
ක්ෂේත්‍රය තුළ මෙන්ම මුළු රටේම සමාජ මාධ්‍ය අතර සැරින් සැරේ දැවැන්ත කතාබහක් නිර්මාණය කළ ජනප්‍රිය නිරූපණ ශිල්පිනී අමායා අධිකාරි, ජීවිතයේ නව පිටුවක් පෙරළා තිබේ.
අතීතයේදී ප්‍රකට නළු අතුල අධිකාරි සහ හර්ෂ ධනෝෂ යන අය සමඟ පැවති විවාහයන්ගෙන් වෙන් වීමෙන් අනතුරුව, ඇගේ හදවතේ තුවාල සුව වී නැවතත් ආදරය ජයගෙන ඇත. ඒ, තවත් සුන්දර තරුණයෙකු සමඟ අතිනත ගැනීමෙනි.
මොකක්ද මෙවර විශේෂත්වය?
කෙසේ නමුත්, මෙම නව විවාහයත් සමඟ මුළු සමාජ මාධ්‍යම කැලඹූ සුවිශේෂීම සිදුවීම වූයේ ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආශීර්වාදයයි.
බොහෝ දෙනෙක් දන්නා පරිදි, සමිතා මුදුන්කොටුව යනු අමායාගේ පළමු සැමියා වන අතුල අධිකාරිගේ හිටපු බිරිඳයි. බොහෝ විට මෙවැනි සංකීර්ණ සබඳතා තුළ ඊර්ෂ්‍යාව සහ ගැටුම් ඇති වන නමුත්, සමිතා මහත්මිය එයට වඩා හාත්පසින්ම වෙනස් මානුෂීය ප්‍රතිචාරයක් දක්වා ඇත.
අතීතයේ කොතරම් ගැටලු තිබුණත්, ඒ කිසිම දෙයක් හිතේ තියාගන්නේ නැතුව, සමිතා මහත්මිය අමායාගේ සහ ඇගේ නව සහකරුවාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පැතුම් එකතු කර තිබීමයි. මෙම පරිණත හා ආදර්ශවත් ක්‍රියාව සමාජ මාධ්‍ය පුරා ප්‍රශංසාවට ලක් වෙමින් පවතී.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments