Ticker

6/recent/ticker-posts

Banner Ads

යෂ්ගේ අම්මා ගැන වැරදියට හිතපු අයට රංගන ද සිල්වා සහ යෂ් වීරසිංහ දුන්න සුපිරිම පිළිතුර



 ජනප්‍රිය රංගන ශිල්පි යෂ් වීරසිංහ, පහුගිය දවසක රංගන ද සිල්වා සමඟ කතා බහකට එකතු වෙනවා. තනියම නෙවෙයි, ආදරණීය අම්මත් එක්ක.

ඒ කතා බහ තුළ යෂ්ගේ අම්මා, යෂ්ගේ විවාහය ගැන සහ තෝරාගන්න කෙනා ගැන සඳහන් කළ ඇතැම් කාරණා ගැන මේ වෙද්දි කතාබහක් නිර්මාණය වෙලා.

ඒ ගැන රංගන ද සිල්වා මෙයාකාර පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා..

ආදරණීය ඔබට

යෂ්ගේ අම්මා..

යෂ් මෑතක අම්මත් එක්ක ඇවිත් ලස්සන Program එකක් කළා. ඒක ආදරණීය වැඩසටහනක්. අම්මා ආදරණීය චරිතයක්. ආදරෙන් කතා කළා. ඒත් අම්මා යෂ්ගේ විවාහය ගැන සහ තෝරාගන්න කෙනා ගැන සඳහන් කළ ඇතැම් කාරණා ඇතැමුන් වැරදියට අරගෙන තියෙන බවක් පේනවා.

කියන්නම ඕනේ, එයා ආදරණීය අම්මා කෙනෙක්..

Break එකේදී දෙන්නා කතා කරද්දී යෂ් මට කිව්වේ, අයියේ මගේ පෙර Affairs නැතිවෙනකොට ගෑනු ළමයා දුක් වුණේ මාව නැතිවීම ගැන නෙවෙයි, මේ වගේ අම්මෙක් නැතිවීම ගැන කියලා..

ඒ වගේ ම අම්මා Break එකේදී මට කිව්වේ, පුතේ යෂ් විවාහ වුණාට පස්සේ දෙන්නා අතර ගැටලුවක් වුණොත් මං ගන්නේ ගෑනු ළමයාගේ පැත්ත කියලා. ඒ තරම් ඒ අම්මා ආදරණීuය චරිතයක්. ඒ නිසා ඒක නිවැරදි කිරීම මගේ යුතුකමක්. ස්තුතියි.''

මේ කතාබහ ගැන, යෂ් වීරසිංහත් මෙයාකාර සටහනක් තබා තිබුණා...

''පහුගිය දවසක රංගන අයියාගේ youtube program එකට මගේ අම්මා එක්ක සහභාගි උන වෙලාවේ මගේ අම්මා කියපු දේවල් වලට ගොඩක් අය ගොඩක් දේවල් කියලා තිබුනා.

Social media වල මාර මිනිස්සු කියල පෙන්නන් ඉන්න පපඩම් වගේ අය මේකන් බොර දියේ මාලූ බාන්නත් හැදුවා තමන්ගේ personal ඇරියස් වලට.

ඒවට ඇන්දිලා මට message දාලා මගේ අම්මාට එක එක විදිහේ දේවල් කියලා මගෙන් අහගත්ත අයත් නැතුවාම නෙවෙයි. කමක් නෑ. ඒ අය කියන විදිහට මම කොන්ද පන නැති නැති එකෙක්. ඔව් මම එහෙම වෙන්න ඇති. මට ඒක ගැන සතුටුයි.

මොකද මම කොච්චර ලොකු උනත් මොන තැනකට ආවත් මගේ අම්මාට තියෙන ආදරය ගරුත්වය පොඩ්ඩක්වත් මගෙ අඩු වෙලා නෑ. මම තාමත් මගෙ අම්මා පස්සෙම වැටීගෙන ඉන්නේ. එයාට කිසිම අඩුපාඩුවක් නොකර. මට ඒක ගැන මාර සතුටුයි.

මට ඒ වගේ අඩුවක් නැතුව අම්මාගේ ආදරය ලබන්න මම මාර පිනක් කරලා ඇති කියන එක මම විශ්වාස කරනවා.

අම්මා කිව්ව සමහර දේවල් video එකේ නැහැ ඇත්තටම. මොකද එයා එක දිගට කතා කලා recording ද නැද්ද කියන එක ගැන අවබෝධයක් එයාට නැති නිසා. මේ පැහැදිලි කිරීමට බොහෝම ස්තූතී රංගන අයියේ

මොකද මම ගොඩක් අවුලෙන් හිටියේ මගේ අම්මාට එහෙම සමහරු එහෙම කියන එකට. මොකද මගේ අම්මා කොච්චර හොද ආදරණීය කෙනෙක්ද කියලා අම්මව දන්න අය දන්නවා. කොහොම උනත් කියන්න තියෙන්නේ මම මගේ අම්මට ගොඩක් ආදරෙයි ඒ වගේම මගෙ නංගිටත් මම ආදරෙයි. කවදාහරි මගේ බිරිඳ වෙන කෙනාටත් මම ඒ දෙන්නට වගේම ආදරෙයි. සියලුම දෙනාට ස්තූතී ජය වේවා"


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments