මේ දවස්වල ඇද හැලෙන මහා වැස්සත් එක්ක ලංකාවේ පැති කිහිපයකටම සෑහෙන්න තද බලපෑම් එල්ල වෙමින් පවතිනවා නේ.. සීතල සුළඟත් එක්ක ලංකාව වටෙන්ම දැන් වැසි බර කාලගුණයක් මතු වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයකට අනුව, නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. මේ හේතුව නිසා අද දිනයේ පළාත් හා දිස්ත්‍රික්ක රැසකට විටින් විට මහා වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ඔවුන් අනතුරු ඇඟවීමක් කළා.
විශේෂයෙන්ම බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ අතිශය තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
වැස්ස විතරක් නෙවෙයි, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලටත්, උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු පළාත්වලට සහ ත්‍රිකුණාමලයටත් පැයට කිලෝමීටර් 30-40ක විතර තද සුළං හමන්න ඉඩ තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං හා දරුණු අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments