Ticker

6/recent/ticker-posts

Banner Ads

"මේක ඇපල් ෆෝන් එකක් නිසා මට දෙන්න හිතුණා මල්ලි..." බයික් එකෙන් වැටුන ෆෝන් එක ත්‍රීවීල් එකකින් පස්සෙන් ගිහින් දුන්නු තරුණයා..

 


අනුන්ගේ දේ තමන්ගේ කරගන්න, පාරේ වැටිලා තියෙන දේකට පවා ලෝභකම් කරන මිනිස්සු පිරුණු මේ වගේ කාලෙක, හිතට ලොකු සතුටක් වගේම ආඩම්බරයක් දැනෙන අමුතුම විදිහේ ලස්සන සිද්ධියක් බත්තරමුල්ල පැත්තෙන් වාර්තා වෙනවා.


ඒ, තමන්ගේ නොවන මිල අධික ජංගම දුරකථනයක් අයිතිකරුවාටම බාර දෙන්න, මහපාරේ සෑහෙන දුරක් ලුහුබැඳලා ගිය අපූරු තරුණයෙක්ගේ කතාවක්.

සිද්ධිය වෙලා තියෙන්නේ බත්තරමුල්ල ෂෙඩ් එක ළඟදී. මෝටර් සයිකලයකින් ගිය මල්ලියෙක්ගේ අතින් එයාගේ ෆෝන් එක පාරට වැටිලා තියෙනවා. හැබැයි ඒ වෙලාවේ ඒ මල්ලි ඒක දන්නේ නැතුව ඉදිරියටම යතුරුපැදිය පදවාගෙන ගිහින්.

ඔය වෙලාවේ එතැනින් ත්‍රීවීල් එකකින් ගිය තවත් තරුණයෙක් මේ ෆෝන් එක වැටෙනවා දැකලා, ඉක්මනටම ඒක අතට අරගෙන තියෙනවා. හැබැයි එතනින් ඒක සාක්කුවේ දාගන්නවා වෙනුවට, ඔහු කළේ ත්‍රීවීල් එකෙන් අර බයික් එක පස්සෙන් සෑහෙන දුරක් එලවාගෙන ගිය එකයි.

අන්තිමේදී කොහොම හරි බයික් එක ලුහුබැඳලා ගිහින් නවත්තගත්ත මේ ත්‍රීවීල් මල්ලි, ෆෝන් එකේ අයිතිකාරයාට ඒක දෙන ගමන් හරි අපූරු විහිළුවක් කරලා තියෙනවා.

"මේක ඇපල් ෆෝන් එකක් නිසා මට දෙන්න හිතුණා මල්ලි..." කියලා ඔහු හිනාවෙලා ෆෝන් එක බාර දීලා තියෙන්නේ මිල මුදල්වලට වඩා තමන්ගේ අවංකකම වටිනවා කියන දේ මුළු ලෝකෙටම ඔප්පු කරමින්. ඇත්තටම Apple Phone එකක් කියන්නේ අද කාලේ ලොකු මුදලක් වටිනා දෙයක් වුණත්, ඒ හැමදේටම වඩා මේ තරුණයා තමන්ගේ මනුස්සකම ලොකුවටම අගය කරලා තියෙනවා.

මේ කතාවේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ෆෝන් එක වැටුණු වෙලාවේ එතැන හිටපු තව දෙන්නෙක් ඒක ගන්න ට්‍රයි කරලා තියෙනවා. හැබැයි මේ වීර ත්‍රීවීල් මල්ලි, "එපා... මං ඒ ෆෝන් එකේ අයිතිකාරයාව අඳුරනවා, මං ඒක දෙන්නම්" කියලා ඒ අයව වළක්වලා තමයි මේ ෆෝන් එක අරන් ඇවිත් තියෙන්නේ.

අතේ තියෙන ෆෝන් එක පවා උදුරගෙන දුවන මිනිස්සු ඉන්න සමාජෙක, පාරක තොටක හමුවෙන්න ලැබෙන මෙන්න මෙහෙම රත්තරන් මිනිස්සු තමයි ලෝකය තවමත් ලස්සනයි කියලා අපිට මතක් කරලා දෙන්නේ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments