Ticker

6/recent/ticker-posts

Banner Ads

තමිල්නාඩු මහ ඇමති විජේ, මෝදී හමුවේ - හේතුව මෙන්න

 


තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල නවදිල්ලි සංචාරය සනිටුහන් කරමින්, සී. ජෝසප් විජේ අද (27) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අගනුවරදී පැවැති මෙම ද්විපාර්ශ්වික හමුවේදී තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රගතියට අදාළ වැදගත් කරුණු රැසක් කෙරෙහි නායකයන් දෙපළගේ අවධානය යොමුවූ බවයි.

මෙම නිල හමුවේදී මහ ඇමති විජේ විසින් තමිල්නාඩුවේ දිගුකාලීන අවශ්‍යතා ඇතුළත් විශේෂ සංදේශයක්  අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීමට පියවර ගත්තේය.

ප්‍රාන්තයේ පොදු මහජන සුබසාධන වැඩසටහන් මෙන්ම මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා මධ්‍යම රජයේ මූල්‍ය දායකත්වය ලබා ගැනීම, නව සංවර්ධන ව්‍යාපෘති සඳහා කේන්ද්‍රීය අවසරය ලබා ගැනීම සහ අසල්වැසි ප්‍රාන්ත සමඟ පවතින මතභේදාත්මක මේකේදාතුජලාශ ව්‍යාපෘතියේ ජල අර්බුදයට මැදිහත් වන ලෙස ඉල්ලීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් එම සංදේශය හරහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments