ඔන්න අදත් ලංකාවේ පැති ගණනාවකට වැහි දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙන්නයි යන්නේ.
South Asians & Diaspora
දවස පටන් ගන්නකොටම අහස ටිකක් බර කරලා තියෙන්නේ ඔයාලා ඉන්න පැත්තටද? එහෙනම් මේ නිවුස් එක අනිවාර්යයෙන්ම ඔයාටයි.
අද (මැයි 24) දවස ඇතුළත ලංකාවේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කලින්ම අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.
අද දවසේ වැඩිපුරම වැහි වලාකුළු පාත් වෙන්නේ මෙන්න මේ පළාත් සහ දිස්ත්‍රික්කවලටයි...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්
ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇද හැලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ පැතිවල අය ටිකක් ලෑස්ති පිට ඉන්න එක ඇඟට ගුණයි!
වැස්ස විතරක් නෙවෙයි, අද හුළඟත් එක්ක සෙල්ලම් බෑ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට වගේම උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක විතර තරමක තද සුළං හමන්න පුළුවන්.
හැබැයි ඉතින් මේ හැමදේම අස්සේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට නම් ප්‍රධාන වශයෙන් වැසි රහිත, සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් තමයි පවතින්නේ කියලා ආරංචියි.
ගිගුරුම් සහිත වැසි එනකොට ඒ එක්කම එන තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ගැනත් කාලගුණයෙන් මතක් කරලා තියෙනවා. ඒ නිසා අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ෆෝන් එක චාර්ජ් එකට ගහලා තියෙනවා නම් අකුණු ගහන වෙලාවට ගලවලා තියන්න අමතක කරන්න එපා. එළියට යනවා නම් කුඩයක්, රේන් කෝට් එකක් අරන්ම යන්න!

✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments