දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00ට පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි පවතින අවස්ථා ඇති විය හැකි බව සඳහන් වේ.
දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී ඇත.
මේ අතර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පවතින හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments