පසුගිය දින කිහිපය තුළම රටම කතාකළ පුවතක් වුණේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් වයස අවුරුදු 15ක දැරියකට ලිංගික අතවර කළ කතාවයි.

 ඒ වගේම අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම මස 22 දින ඇප ලබා දී තිබීමද ගොඩක් දෙනෙක් කතා කළා.

මේ පිළිබද රංගන ශිල්පිනී මහේෂි මධුශංකත් අදහස් දක්වලා තිබුණා .

ඇය සමජ මාධ්‍යට වීඩියෝවක් එක්කරමින් සදහන් කළේ මෙවන් අදහසක්

''අටමස්ථානාධිපති හිමිගේ සිදුවීම ගැන ගොඩක් ගැහැණු ළමයි කතා කරලා තිබුණා . හැබැයි පුදුමාකර විදිහට මේ ගැන කතා ගොඩක් කරන චැනල් කතා කළේ නෑ  ඒවගේම  මෙච්චර සාක්ෂි තියෙද්දීත් කොහොමද හාමුදුරුවො නිදහස් වුණේ . හැමෝම මේවට කතා කරන්න .සෝෂල් මීඩියා වලට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. වැරදි කරුවන්ට නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ. හැමතිස්සෙම හිතන්න තමන්ගේ දරුවා සුවපහසුව ඉන්නවා වගේම අනෙක් දරුවොත් එහෙම ඉන්න ඕනෙ කියලා මේ හාමුදුරුවන්ට වගේම මේ අම්මටත් නීතියට නිසි දඩුවම් ලැබිය යුතුයි. මේ ජනාධිපතිවරයගෙන් හැමෝම ඉල්ලීමක් කරමු මේ සම්බන්ධව නිසි දඩුවම් ලබා දෙන්න කියලා.  ඒ වගේම කියන්න ඕනේ  දරුවො හදන්න එපා ජීවත් කරන්න බැයිනම්''

✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...